Thursday 30th of April 2026

English Tamil
Advertiesment


අලියයි පොහොට්ටුවයි එකතු වෙලා යන ගමනක් ගැන සාකච්ඡා ඇරඹේ


2023-04-30 14872

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 22 වැනිදා සිදුව තිබේ. 

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියේ දී එක්ව දේශපාලනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

මෙම විශේෂ සාකච්ඡාවේ දී ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අපේක්ෂකත්වය ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කොට ඇති බව ද දැන ගන්නට තිබේ.

Advertiesment